Tuesday, September 9, 2014

බයිසිකල් සවාරිය

ඔන්න දැන් නිවාඩු කාලේ පටන් අරන් හරියටම සති තුනයි. හිතට දැනෙන දෙයකට කරේ මගේ යාලුවෝ සෙට් එකක් එක්ක ත්‍රිකුණාමලේ දවස් 3 ක ට්‍රිප් එකක් ගිය එක විතරයි. :(
               දැන් පොඩ්ඩට පොඩි බන්ඩියකුත් ඇවිත්. වැඩේ හරි යන්නෑ වගේ. ඔය අතර ඊයේ මම කම්මැලි කමට ඉන්න ගමන් "Lone Survivor" ෆිල්ම් එක බැලුව. මට මන් ගැනම දුක හිතුන මගේ කම්මැලි කමේ මහත තේරිලා.
                      හරියටම ඊයේ අම්ම මට වැඩක් භාර දීල තිබුන, අම්ම දන්න රෙදි කඩේකට ගිහින් එන්න. පොඩ්ඩගේ අයිය "ලොක්කගේ" FZ බයිසිකලේ ගන්න බැලුව, එකේ පෙට්‍රල් වාෂ්ප විතරයි තිවුනේ. :p
පොඩ්ඩට ඉතින් තියෙන්නේ ෆූට් සයිකලයක් විතරයි. එකෙත් රෝද දෙකේම හුලං තිබුනේ නෑ. ඉතින් එකත් තල්ලු කරන් වින්කලේට ගිහින් හුලන් ගහගෙන පාගන්න පටන් ගත්ත. මට ඉතින් ඉස්සර ඉඳන්ම පුරුද්දක් තියෙනවා බයිසිකලේ ගත්තම ෆූට් සයිකලයක් වගේ නෙමේ, මෝටර් සයිකලයක් වගේ වේගෙන් පදින. ඔහොම ඉතින් එක පිම්මේ කඩේට ගිහින් ආව. බලන කොට 5 km විතර පැදලා. කරපු වැඩේ හැටියට මහන්සි නෑ. දැන් ඉතින් පොඩ්ඩට එක එක දේවල් හිතෙනවා. ( නිකන් සුපිරි වීරයෙක් වගේ ) මම ඊයේ හිතාගත්ත හැමදාම බයිසිකලෙන් වටයක් ගහල එන්න.
                  ඔන්න අද ඉතින් අලුත් දවසක්. පොඩ්ඩාගේ බයිසිකල් සවාරිය පටන් ගන්නයි හදන්නේ. අද මගේ ඉලක්කය තමයි 10 km. ඉතින් තවත් මෙතන වාඩි වෙලා ඉඳල හරියන්නේ නෑනේ. දැන් වැස්සත් පායලා.                                                                                                                                               තව ටික වෙලාවකින් මගේ පළමු සවාරියේ ප්‍රතිපලත් සමග හමුවෙමු.  :)
     

හරි ඔන්න පොඩ්ඩ පොඩි වටයක් ගහල ආව.
                    හැබැයි වැඩේ හිතපු විදියට වඩා ගොඩක් වෙනස් වුනා. මුලින්ම බයිසිකලේ බ්‍රේක් දෙකම tune කරගත්ත, කියන්න බෑනේ :p ඊට පස්සේ කැමරාවේ tripod එක බයිසිකලේ හැන්ඩ්ල් එකට සෙට් කරලා කැමරාවත් සෙට් කරගත්ත. ෆෝන් එකට GPS Tracking App එකකුත් බාගෙන කෝකටත් කියල කුඩයකුත් දාගෙන බෑග් එක සෙට් කර ගත්ත. දැන් පොඩ්ඩ පලවෙනි බයිසිකල් සවාරියට ලෑස්තියි!


                  ගෙවල් ළඟ සිල්ලර කඩේකින් රුපියල් පහේ චොකලට් කෑලි දෙක තුනකුත් බෑග් එකට දාගෙන ටිකක්දුර පැදගෙන ගිහිල්ල ප්‍රධාන පාරට ආව. කව්රුත් නැති තැනක් බලල කැමරාව වීඩියෝ රෙකෝඩින් මූඩ් එකේ ඔන් කරගෙන, හිතේ තිබ්බ උද්දීපනයත් එක්ක වීල් කරලා බයිසිකලේ ඇද්දුව. අද්දුව ඇද්දිල්ලට චේන් එක ඩකාස් ගාල කඩල ගියා පොඩ්ඩාගේ කකුලේ මාපට ඇඟිල්ලත් ලෙලි යවාගෙනම!!!!!


විලි ලජ්ජයි ඉතින් කව්රු දැක්කද දන්නෑ. දැන් ඉතින් මොකෝ කරන්නේ ? වැඩේ පටන් ගත තැනම ලොප්!  


                                         


   මේ පොඩ්ඩ ඉතින් කිසිම දෙයකින් සැලෙන පුද්ගලයෙක් නෙමේ! චේන් එක බයිසිකලේ මජං රෙද්දෙන් ඔතාගෙන බෑග් එකේ දාගෙන බයිසිකලේ තල්ලුකරගෙනම ආපහු ආව ගෙදරට. කකුල සෝදලා ඇඟිල්ලේ පැච් එකට ප්ලාස්ටරයක් ඔතාගෙන අපහු බයිසිකලේ වින්කලේට තල්ලු කරන් ගිහින් චෙන් එක හදාගෙන ආපහු ආව සවාරිය පටන් ගන්න හිතපු තැනට!!!
                                        කැමරාව අටෝ ගන්න කලින් එතන පහු කරලා තව පොඩ්ඩක් ඉස්සරහට ගියා. කලින් පොඩ්ඩ මෙතන වැඩ දාපු හැටි දැක්ක කව්රු හරි හිටියොත් කියල.. ;)
                              ඉතින් කොහොමෙන් කොහොම හරි පොඩ්ඩ සවාරිය පටන් අරන් ඉවර කරා. පොඩ්ඩාගේ ෆෝන් එකේ App එකේ සවාරිය පිළිබඳව විස්තර සේරම සටහන් වෙලා තිබ්බ.
       

කයිවාරුව කෙසේ වෙතත් අන්තිම හරිය පදිද්දී පොඩ්ඩාගේ එන්ජිමට හොඳටම අමාරුවෙලා තිබ්බේ. :p මෙන්න තියෙනවා පොඩ්ඩාගේ කැමරාවේ සටහන් වෙච්ච රූපරාමු ටිකක්. :)
   





















ඉතින් පොඩ්ඩාගේ පලවෙනි බයිසිකල් සවාරිය බොහෝ බාදක මැද සම්පූර්ණ කරා. ඔය ලොක්කෝ සේරම කල්පනා කරන්න පුළුවන් පොඩ්ඩා පොඩ්ඩ දුරක් බයිසිකල් පැදලා මහලොකු කයිවාරුව කියල. පොඩ්ඩාගේ අවසාන ඉලක්කය තමයි පොඩ්ඩාගේ පොඩි යාළුවො සෙට් එකත් එක්ක දවස් දෙක තුනක ඈත බයිසිකල් සවාරියක් යාමයි. 
                  " ඕනෑම දෙයක කෙල පැමිණි ඕනෑම පුද්ගලයෙකු ආරම්භයේදී පොඩ්ඩෙකි!!!! ".      
 අහිංසක  පොඩ්ඩාගේ ඊළඟ ඉලක්කය තමයි 20 km. එහෙනම් ආයෙත් හෙට හම්බවෙමු ! :)

පොඩ්ඩාගේ මුහුණුපොත                                     
                                                                                          Blog Promo

4 comments:

  1. එළකිරි මචෝ දිගටම ලියපං. කව්රු නැතත් මං කියවනවා.

    ReplyDelete
  2. නියමයි පොඩ්ඩා...නොනැවතී ඉදිරියට යන්න ඔබෙ ජයග්‍රහණය ලැබෙන තුරු... මා ද ඔබ සමගයි...

    ReplyDelete
  3. ලංකාව වටේම යන්න ලැබේවා.......

    ReplyDelete
  4. නියමයි නියමයි!

    ReplyDelete